සැක සහිත කොරෝනා සාම්පල ’60 ක්’ වෛද්‍ය පර්‌යේෂණායතනයට !

කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන්ගේ ඛේටය සාම්පල 1600 ක් පමණ මේ වනවිට පරීක්ෂා කර ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය සඳහන් කරනවා.

එම රෝගීන් අතරින් කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇත්තේ සුළු පිරිසක් බව එම ආයතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

ඊට අමතරව තවත් සැක සහිත රෝගීන්ගේ ඛේටය සාම්පල 60 ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයිද ඒ මහතා සඳහන් කළා.

බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනයයි. දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100 කි.

ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයෝ 12 දෙනෙක් සේවයේ නිරතව සිටිනවා.

එහිදී ගනු ලබන වාර්තා, වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ අධීක්ෂණය යටතේ සිදුකර අදාළ රෝහල් වෙත ක්ෂණිකව ලබා දෙන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *