පුතයි තාත්තයි ද්වන්ධ යුද්ධයක..පියා ජීවිතයෙන්ම පරාදයි

පාදුක්ක – පොල්කොටුව – කහවල ප්‍රදේශයේදී පියා සහ පුත්‍රයා අතර ඇතිවූ ගැටුමකින් 61 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දෙදෙනා තියුණු ආයුධවලින් එකිනෙකාට පහරදී ඇති අතර, එහිදී තුවාල ලැබූ 34 හැවිරිදි පුත්‍රයා ද පාදුක්ක රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු බරපතල තත්ත්වයේ පසුවීම හේතුවෙන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෙම පියා සහ පුත්‍රයා අතර නිරන්තරයෙන් අඩ දබර සිදුවන අතර, ඊයේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, බුලත්සිංහල ප්‍රදේශයේ නිවසක් පිටුපස කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඇයගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

37 හැවිරිදි මෙම කාන්තාව, ඇයගේ පියා, සහෝදරයින් දෙදෙනා, ස්වාමි පුරුෂයා සහ දියණිය සමඟ බුලත්සිංහල නිවසේ පදිංචිව සිට තිබෙනවා.

කෙසේ වෙතත්, ඇයගේ ස්වාමි පුරුෂයා රත්නපුර – නිවිතිගල තම නිවසට යන බව පවසා නිවසින් පිටව යෑමෙන් අනතුරුවයි කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර – නාගොඩ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව ඇති අතර, සැකකාර ස්වාමි පුරුෂයා සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *