නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට – නම් ලැයිස්තුව මෙන්න

මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් හිමි කරගෙන තිබෙනවා.

එම නවක මන්ති‍්‍රවරුන් වන්නේ ආචාර්ය නාලක ගොඩහේවා, සහන් ප‍්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, නලින් රුවන්ජීව ප‍්‍රනාන්දු, මිලාන් සජිත් ජයතිලක සහ උපුල් මහේන්ද්‍රයි. කොළඹ දිස්ති‍්‍රක්කයේ නවක මන්තී‍්‍රවරුන් ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ මේජර් ප‍්‍රදීප් උදුගොඩ, මධුර විතානගේ, පේ‍්‍රමනාත් සී දොලවත්ත සහ ජගත් කුමාර තේරී පත් වුණා.

කළුතර දිස්ති‍්‍රක්කයේ නවක මන්තී‍්‍රවරුන් ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූයේ සංජීව එදිරිමාන්න, අනූප පස්කුවල් සහ ලලිත් එල්ලාවලයි.

අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදුණු සිව්දෙනෙකු නවක මන්තී‍්‍රවරුන් ලෙස තේරී පත්ව තිබෙනවා. මහාචාර්ය චන්න ජයසුමන, උද්දික පේ‍්‍රමරත්න, එච් නන්දසේන, කේ පී එස් කුමාරසිරි එම නවක මන්ත‍්‍රීවරුන් සිව්දෙනායි. සමගි ජන බලවේගයෙන් අනුරාධපුර දිස්ති‍්‍රක්කයට තරග කළ රෝහණ බණ්ඩාර විජේසුන්දර ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරයෙක්.

වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චාමින්ද කිරි`දිගොඩ මහනුවර දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර පාර්ලිමේන්තු වරම් හිමි කරගත් නවක මන්ත‍්‍රීවරුන් තිදෙනායි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග වැදුණු ජීවන් තොණ්ඩමන්, මරධපාණ්ඩි රාමේෂ්වරන් සහ නිමල් පියතිස්ස නවක මන්තී‍්‍රවරුන් ලෙස නුවරඑළිය දිස්ති‍්‍රක්කයෙන් තේරී පත් වුණා. සමගි ජන බලවේගයෙන් තරග කළ එම් උදය කුමාර් ද පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරයෙක්.

ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ අපේක්ෂකයින් තිදෙනෙකු බැගින් මෙවර නව මන්ත‍්‍රීවරුන් ලෙස පත්වී තිබෙනවා. සම්පත් අතුකෝරළ, ඉසුරු දොඩංගොඩ, ශාන් විජයලාල් ද සිල්වා, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් පත් වූ නවක මන්ත‍්‍රීවරුන් තිදෙනායි.

මාතර දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත් වූ මන්ත‍්‍රීවරුන් වන්නේ නිපුණ රණවක, කරුණාදාස කොඩිතුවක්කු සහ වීරසුමන වීරසිංහයි. හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ අජිත් රාජපක්ෂද පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන් වනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති නවක මන්ත‍්‍රීවරුන් ගණන 04 ක්. ආචාර්ය ගුණපාල රත්නසේකර, අසංක නවරත්න, සමන්පි‍්‍රය හේරත්, සුමිත් උඩුකුඹුර එලෙස පත් වූ නවක මන්ත‍්‍රීවරුන්.

කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්කවලින් ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ අපේක්ෂකයින් තිදෙනා බැගින් නවක මන්ත‍්‍රීවරුන් ලෙස පත්ව සිටිනවා. රාජිකා වික‍්‍රමසිංහ, සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක කෑගල්ල දිස්ති‍්‍රක්කයෙන් පත් වූ නවක මන්ත‍්‍රීවරුන්.

රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් තේරී පත් වූ නවක මන්ත‍්‍රීවරුන් වන්නේ ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල සහ මුදිතා ප‍්‍රශාන්ති ද සොයිසායි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *