ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 70 වන ජන්ම දිනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සුබපැතුම් එක් කළා.
ඒ වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මගින් ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළා.
එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අමතා සුබ පැතුම් එක් කර තිබෙනවා.
එහිදී උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සමඟ සුහද කතාබහක ද නිරත වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
අමාත්‍ය නාමල් රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳ ලිමිණි රාජපක්ෂට උපන් පුතු වෙනුවෙන්ද මෝදි අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුබපැතුම් එක්කළ බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වුණේ.