ඉන්දියාවේ – ඇසෑම් ප්‍රාන්තයේ 73 හැවිරිදි වෛද්‍යවරයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වතු සේවකයන් පිරිසක් පසුගිය සෙනසුරාදා අදාළ වෛද්‍යවරයාට පහරදී තිබුණේ සේවයට නොපැමිණි බවට චෝදනා කරමින්.
එම වෛද්‍යවරයා සේවය කරන රෝහලට වතු සේවකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රැගෙනවිත් ඇති අතර, එම අවස්ථාවේ වෛද්‍යවරයා රෝහලේ සිට නොමැති අතර, ඖෂධවේදියාද එහි සිට නැහැ.
කෙසේ වෙතත් හෙදියක විසින් සේලයින් ලබාදී තිබුණද අදාළ රෝගියා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ඉන් කෝපයට පත් වතු සේවකයන් අදාළ වෛද්‍යවරයා රෝහලට පැමිණි පසු පහරදී ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.