වයස අවුරුදු 73 ක කාන්තාවක් නිවුන් දරු දෙදෙනෙකු බිහි කිරීමේ පුවතක් ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
එම නිවුන් දරුවන් සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
දරු උපතින් පසු මාධ්‍ය හමුවේ මව ප්‍රකාශ කර ඇත්තේ 82 හැවිරිදි වියේ පසු වූ තම ස්වාමි පුරුෂයා සහ තමන් විවාහ වූ දින පටන් දරුවන් අපේක්ෂාවෙන් පසුවුව ද මෙම නිවුන් දරු උපත සිදුවනතුරු එය සැබෑ නොවුනු බවයි.
2016 වසරේදී ද 70 හැවිරිදි කාන්තාවක් පිරිමි දරුවෙකු බිහි කිරිමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වුණා.