නඩු තුනකට අදාළ කොකේන් කිලෝ ග්‍රෑම් 770ක් කැලණිය ගෝනවල ඩී එන් එස් ගබඩා සංකීර්ණය තුළදී දියකර විනාශ කර දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අවසර ලබා දුන්නා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකකට සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය විනාශ කර දැමිම සදහා නිතිපතිවරයා අවසර ලබා දී ඇති බැවින් ඒවා විනාශ කර දැමීම සදහා අධිකරයෙන් නියෝග ලබා දෙන ලෙසට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් කළ ඉල්ලිමක් සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නියෝගය නිකුත් කළා.
ඒ අනුව හෙට (01) පෙරවරු 9.00ට කැලණිය ගෝනවල ප්‍රදේශයේ පිහිටි ඩී එන් එස් ආයතනයට අයත් ගබඩා සංකිර්ණය තුළදී මෙම කොකේන් කිලෝග්‍රෑම් 769 ග්‍රෑම් 464ක ප්‍රමාණය දියකර පසුව එම ද්‍රාවණය විනාශ කර දැමිම සදහා පුත්තලමේ පිහිටි සිමෙන්ති කම්හල පිහිටි ඉන්සේ ආයතනය වෙත රැගෙන ගොස් එහිදි එම ද්‍රාවණය දහනය කිරිමට ලක්කරන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට කරුණු සඳහන් කළා.
විනාශ කරන ස්ථානයේ ඡායාරූපයක් මේ සමග දැක්වෙනවා