සංචරණ සීමා කාලයේදී නීති විරෝධී මත්පැන් පෙරාපු සිද්ධීන් 83ක්

සංචරණ සීමා කාලය තුලදී දිවයින පුරා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 1092 ක් සිදු කර ඇති අතර නීති විරෝධී මත්පැන් නිෂ්පාදන කිරීමේ වැටලීම් 83ක්ද වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 21 වැනිදා සිට පසුගිය 12 වැනිදා දක්වා මෙම වැටලීම් සිදුකර ඇති අතර එම කාලය තුළදී කිසිදු ගංජා වගාවක් වැටලීමට සුරාබදු වැටලීම් ඒකකය සමත්වී නොමැත.

එම වැටලීම් වලදී අදාළ වරදවල් සම්බන්ධයෙන් පුද්ගලයන් 1092 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ නඩු භාණ්ඩවල මුලු වටිනාකම රුපියල් මිලියන 11 ඉක්මවයි.

සුරාබදු සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ අන්තර්ජාල හා සමාජ ජාල මාධ්‍ය හරහා මත්පැන් අලෙවිකළ වැටලීමේ සිද්ධීන් 50ක්ද සිදු කිරීමට තම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවයි.

මෙම කාල සීමාව තුල සුරාබදු නිලධාරීන් 70 දෙනෙකුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබු අතර තවත් නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් 19 නිසා මරණයට පත්ව ඇති බව ඔහු සඳහන් කරයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *