චීනය ටිබෙට් වැසියන්ගේ ඩීඑන්ඒ එකතු කරයි.

 

චීනය, ටිබෙට් ස්වයං පාලන කලාපය (TAR) පුරා බොහෝ නගර සහ ගම්වල පදිංචිකරුවන්ගෙන් අත්තනෝමතික ලෙස DNA එකතු කිරීම ඇතුළුව, පොලිස් ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස වැඩි කරමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් වාර්තාවක් පවසයි.

එම වාර්තාව උපුටා දක්වන Tibet Press වාර්තාවක් පෙන්වා දෙන්නේ මිනිසුන්ට තම DNA ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවත්, කිසිදු සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පොලිසියට විශ්වසනීය සාක්ෂි අවශ්‍ය නොවන බවත් ය.

2022 අප්‍රේල් මාසයේ ලාසා මහ නගර සභාවේ වාර්තාවක සඳහන් වූයේ DNA එකතු කිරීම සඳහා රුධිර සාම්පල ක්‍රමානුකූලව බාලාංශවල සිටින ළමුන්ගෙන් සහ අනෙකුත් ප්‍රදේශවාසීන්ගෙන් එකතු කරන බවයි.

ටිබෙට් සානුවේ බටහිර කොටස ආවරණය වන ස්වයං පාලන කලාපයෙහි ප්‍රාන්ත හතේම හෝ මහ නගර සභා වල මෙම මහා DNA එකතු කිරීම සිදු වන බව වාර්තාව පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය, ටිබෙටය, නැගෙනහිර තුර්කිස්ථානය සහ දකුණු මොන්ගෝලියාවේ ආක්‍රමණය කර ඇති ප්‍රදේශවල ජනගහනය පාලනය කිරීම සඳහා ජෛව ආරක්ෂක නියෝජිත ආයතනයක් ලෙස කටයුතු කරන අතර මෙම DNA එකතු කිරීමේ මෙහෙයුම මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක දත්ත ගබඩාවක් නිර්මාණය කිරීමේ රජයේ වැඩපිළිවෙලෙහිම කොටසක් බව වාර්තා පවසයි.

එමෙන්ම ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් අතෘප්තියට පත් චීන පුරවැසියන් සමඟ ටිබෙට් ජාතිකයන් නිරන්තරව එක් වීම නිසා ඇතිවන පොදු මහජන විරෝධතා පාලනය කිරීම මෙහි අවසාන ඉලක්කය බව Tibet Press වාර්තාව පෙන්වා දෙන්නේය.

මීට පෙර චීනය උයිගුර් මුස්ලිම්වරුන් දහස් ගණනක් වඳ කිරීමට ජීව විද්‍යාත්මක ක්‍රම භාවිත කළ අතර එය බිහිසුණු ප්‍රතිඵල පෙන්නුම් කරනු ලැබීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *