මත් කුඩු ගැන ප්‍රශ්ණ කිරීමට අවසර

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනා ලබන 29 වැනි දා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තුළ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (25) නියෝග කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඉරාන ජාතිකයන් 9 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග ලබාදුන්නා.

හෙරොයින් මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සමඟ මෙම ඉරාන ජාතිකයන් 9 දෙනා දකුණු මුහුදු තීරයේ දී ඊයේ (24) අත්අඩංගුවට ගැනුණ අතර පොලිසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබූ මත්කුඩු කිලෝ 500ක් පමණ මුහුදට දමා ඇති බවයි.

සම්බන්ධිත පුවත් : හෙරොයින් කිලෝ 600ක් ඇද්ද නැව මෙන්න (PHOTOS )

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *