ඇමරිකාවේ චීන අධ්‍යයන මධ්‍යස්ථාන ‍වෙත නරක දසාවක්

චීනයේ සංස්කෘතික ප්‍රවර්ධන මධ්‍යස්ථාන ලෙස සැලකෙන කොන්ෆියුසියස් ආයතන(Confucius Institutes) එක්සත් ජනපදය තුළ වේගයෙන් වසා දැමෙන අවදානමකට ලක්ව ඇති බැවින් නව මුහුණුවරකින් එම ආයතන නැවත විවෘත කිරීමට චීන බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ ස්ථාපිත කර ඇති කොන්ෆියුසියස් ආයතන 118 න් 104 ක් පසුගිය සතියේ වසා දමා ඇති අතර තවත් හතරක් වසා දැමීමේ ක්‍රියාවලිය තුළ පවතින බව ජාතික විද්වතුන්ගේ සංගමයේ වාර්තාව උපුටා දක්වන Voice of America (VOA) වාර්තාව පවසා තිබේ.

කැලිෆෝනියා රිවර්සයිඩ් විශ්ව විද්‍යාලයේ චීන භාෂා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය පෙරී ලින්ක් VOA වෙත පැවසුවේ එක්සත් ජනපදයේ කොන්ෆියුසියස් ආයතන රාශියක් එකවර වසා දැමීම පිළිබඳ තමා මුලින්ම පුදුම වූ බවයි.

කොන්ෆියුසියස් ආයතන යනු චීනයේ විද්‍යාල සහ විශ්ව විද්‍යාල සහ වෙනත් රටවල විද්‍යාල සහ විශ්ව විද්‍යාල අතර පොදු අධ්‍යාපනික හවුල්කාරිත්වයකි.

ආන්දෝලනාත්මක චීන රජයෙන් අරමුදල් සපයන ආයතන අතර කොන්ෆියුස් ආයතනය ද වන අතර ඒවා චීන කොමියුනිස්ට් පක්ෂයේ (CCP) ප්‍රචාරක හස්තයක් බවට මීට පෙර චෝදනා එල්ල විය.

You May also like

Leave a Reply

Your email address will not be published.