රවී..අර්ජුන..නවින් ඇතුළු කණ්ඩායමක් වෙනත් දේශපාලන ව්‍යාපාරයකට – විශේෂ සාකච්ඡාව අද

එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කළ රවි කරුණානායක ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු හිටපු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග සම්බන්ධ වී පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර තිබෙවා.

රවි කරුණානායක සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නද මීට එක්ව සිටිති. මෙම පුළුල් දේශපාපලන ව්‍යාපාරය පිළිබඳව මෙම පිරිස සහ හිටපු කථානායක කරු ජයසූරිය අතර විශේෂ සාකච්ඡාවක් අද (17 වැනිදා) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඉන් පසු මාධ්‍යවේදීන් කැඳවා නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ලබන 26 වැනිදා කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

දැනට රජය විවේචනය කරන ආගමික නායකයන්, සිවිල් ක්‍රියාකාරින්ද මෙම ව්‍යාපාරයට දායක කර ගැනීමට කථිකා කර ගෙන අවසන්.

කෙසේ වෙනත් රවි කරුණානායක පක්ෂයේ මහ ලේකම් ධුරය ඉල්ලා සිටීම උප නායකත්වයෙන් ඉවත් කිරීමට බලපෑ ආසන්නතම හේතුව බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ප්‍රථම මහ ලේකම් ධුරය තමන්ට අවශ්‍ය බව රවි කරුණානයක දැනුම් දී තිබුණා. ඊට විරෝධය පළකරමින් පක්ෂ නායකත්වය දැනුම් දී ඇත්තේ පක්ෂයේ මහලේකම් ධුරය ගමෙන් දේශපාලනයට පිවිසි කෙනෙකුට ලබා දීමට යෝජනා වී ඇති බවයි. හිටපු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරට එය ලබා දීමට තීරණය කර ඇති බවද පක්ෂ නායකත්වය දැනුම් දී තිබුණා.

ඊට විරෝධය පළ කරමින් රවි කරුණානායක ඉවත්ව ගිය අතර උප නායක ධුරයට අකිල විරාජ් කාරියවසම් හිටපු මහලේකම්වරයා පත් කෙරුණා. පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් කර ඇති හිටපු මන්ත්‍රී නවීන් දිසානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට නම් කළ අර්ජුන රණතුංගද තනතුරු භාර ගැනීම සම්බන්ධව මෙතෙක් නිල පිළිතුරක් පක්ෂය වෙත ලබා දී නැහැ.ඔවුන් දෙදෙනා සහ රවි කරුණානායක අතර සති අන්තයේ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *