ඉතාලියේ සිට පැමිණ ‘නිරෝධායනයට ගිය ලාංකිකයන් රැගත් බස් රථයක්’ අනතුරට ලක්වෙලා

ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් වව්නියාව පම්පේමඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ආපසු එමින් තිබු යුද හමුදාවට අයත් සුඛෝපභෝගී බස් රථයක් පසුගිය දා කැකිරාව හෝරාපොල ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරට පත්ව ඇතැයි කැකිරාව පොලිසිය සඳහන් කළා.

අනතුර සිදු වන අවස්ථාවේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට සුළු තුවාල කීපයක් පමණක් සිදු වී තිබෙනවා.

ඉතාලියේ සිට මෙරටට පැමිණි මෙම ශ‍්‍රී ලාංකිකයන් පිරිස සුඛෝපභෝගී බස් රථ හතරක් මගින් වව්නියාව පම්පේමඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඉකුත් 13 වැනිදා සවස 7.30 ට පමණ රැගෙන විත් යොමු කර තිබෙනවා.

පසුව එම බස් රථ කොළඹ බලා ඒමට එදිනම රාත‍්‍රීයේ ගමන් ආරම්භ කර තිබෙනවා.ඉන් එක් බස් රථයක් කැකිරාව හෝරාපොල ප‍්‍රදේශයට ළඟා වනවාත් සමගම හෝරාපොල හංදියේ බෝක්කුවක ගැටී අනතුරකට ලක් වී ඇති අතර ඒ සමගම ඉදිරියේ තිබූ දුරකථන රැහැන් කණුවක ගැටී බස් රථය නතර වී තිබුණා.

දින ගණනාවක් සේවය කිරීම හා අධික මහන්සිය නිසා අලූයම රියැදුරුට නින්දයෑම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව කැකිරාව පොලිසිය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *