ශ්‍රී පාද වන්දනාවේ ගිය මෝටර් රථයක් කැලණි ගඟට පෙරළෙයි

ශ්‍රී පාද වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිස රැගත් මෝටර් රථයක් යටියන්තොට ප්‍රදේශයේදී කැලණි ගඟට පෙරළී තිබෙනවා.

අවට සිටි පිරිස් එක්වී මෝටර් රථයේ සිටි පිරිස් බේරාගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනෙකු කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම අනතුර ඊයේ (12) පස්වරුවේ සිදුවී තිබූ අතර ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ බහුලව අනතුරු සිදුවෙන බවත් ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මේ දක්වා එය සිදුවී නොමැති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *