එජාපය කැඩී යාම වළක්වන්න යළිත් පොදු අපේක්ෂකයෙක් ?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් ඒ සඳහා තම පක්ෂයෙන් මෙවරත් ‍පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ නායකත්වයට පවසා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය තුළ මේ මොහොතේ ආරම්භ වී ඇති අභ්‍යන්තර ගැටලු සහ පසුගිය කාලයේ ආණ්ඩුවට එල්ල වූ විවිධ චෝදනා සැලකිල්ලට ගනිමින් එම නායකයන් මෙම තීරණය ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතික පක්ෂය කැඩීයාම වැළැක්වීම සඳහා නැවතත් ‍පොදු අපේක්ෂකයකු යටතේ ජනාධිපතිවරණයට තරගකළ යුතු බව එ.ජා.ප. පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ අදහස වී තිබෙනවා.

ඒ අනුව මෙවරත් ඔවුන් ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ සිටින ජනප්‍රිය පුද්ගලයකු ඉදිරිපත් කළ යුතු බවටද එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *