වතු නිවාස පෙළක ගින්නක්: නිවාස 20ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි (PHOTOS)

බඹරකැළේ, වතුයායේ ඊයේ (ජූලි 25) රාත්‍රියේ හටගත් ගින්නකින් නිවාස 20ක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසීය.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට විමර්ශන සිදු කරන ලිඳුල පොලිසිය සැක කරයි.

නිවාස 24කින් සමන්විත වතු නිවාස පේළියේ නිවාස 20ක සමාජිකයන් 70 දෙනෙකු පමණ තාවකාලිකව එම වතුයායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ, පුස්තකාලයේ සහ ආගමික ස්ථානයක නතර කිරීමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.

අවතැන් වූවන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට වතු පාලන අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පියවර ගෙන තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *