බණ්ඩාරගම ජනතාවට දින 5ක් තිස්සේ තෙල් නෑ : ඉන්ධන බවුසරයක් ජනතාව භාරයට

දින 5කින් ඉන්ධන නොලැබීම හේතුවෙන් ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක් පාරිභෝගිකයන්ගේ භාරයට ගත් පුවතක් බණ්ඩාරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ ජනතාව පසුගිය දින කිහිපයේම පෙට්‍රල් බලාපොරොත්තුවෙන් බණ්ඩාරගම නගරයේ පිහිටි මෙම ඉන්ධන හල අසල පෝලිමේ රැඳී සිටි බවයි.

තමන්ට ඉන්ධන නොලැබීම හේතුවෙන් ඊයේ රාත්‍රීයේ මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක් නවතා සිය භාරයට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ. කෙසේවෙතත් ඔවුන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයන්ට මෙන්ම බවුසරයේ රියදුරුට හා සහායකයාට ද කිසිදු හිරිහැරයක් නොවන පරිදි සිය විරෝධය පළ කළා.

පසුව එම ස්ථානයට බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පැමිණ අද දින ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු වීමත් සමඟ බවුසරය එම ස්ථානයෙන් පිටත් කර හැරීමට විරෝධතාකරුවන් කටයුතු කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *