ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිකමෙන් ඉල්ලා අස්වූ බවට ගැසට්ටුවක්

ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය 29 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි රොහාන් රත්වත්තේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

රත්වත්තේ මහතාගේ පත්වීම හා ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් 29 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම්වරය නිකුත් කර ඇත.

පළමු ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් 29 වන දා සිට ලොහාන් රත්වත්තේ මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කර ඇති බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *