විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ඇමති කංචන හමුවෙයි

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් පසුගිය බ්‍රහස්පතින්දා අමාත්‍ය කංචන විජේසේකර මහතා හමුවී, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කර තිබෙනවා

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාල නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙල, සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මන්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශය පිහිටුවීම, යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යංශයේ ප්‍රධානියා සහභාගි වී තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *