උද්‌ඝෝෂකයින් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්..

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනා ගෝ ගම’ විරෝධතාවේ නිතර පිරිස හා පොලිසිය අතර අද උදෑසන උණුසුම් තත්ත්වයක් මතුවිය.

මෙම සංවාදාත්මක තත්ත්වය මතුවුණේ, පදික වේදිකාව අවහිර කොට නවත්වා ඇති පොලිස් බස් රථවල එල්ලා තිබූ විරෝධතා පුවරු ඉවත් කිරීමට යාමේදීයි.

”පොලිසිය මැරයෝ වෙන්නේ, මෙන්න මේ වෙලාවට. මේ බලය අයුතු ලෙස භාවිත කිරීම”

”අපි සාමකාමීව ගෙන ගියේ. මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියනවා. ගැටුමක් නිර්මාණය කරන්න. ආණ්ඩුවෙන් කරන්නේ මේවා. බස් දාලා තියෙන්නේ අපිද?”

”මේ නවත්වලා තියන බස් එකක්වත්, පොලිසියේ නෙවෙයි. ඒගොල්ලෝ දන්නේ නැහැ කිවුවා කවුද ඇවිල්ලා නැවැත්තුවේ කියලා. දැන් කියනවා මේවා අපේ බස් ලු”

”බලෙන් ඇවිල්ලා බෝඩ් ටික සේරම ගැලෙව්වා.”

විරෝධතාවය එක්වූ පුද්ගලයෙකු පසුව ගිලන් රථයකින් රෝහල්ගත කෙරිණ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *