කඩු බෙදූ පුද්ගලයාගේ බිරිඳත් සමග හසුවූ ‘ඇමතුම් 8 ක් නොමිලේ එකවර ගත හැකි’ උපකරණය

දුරකතන ඇමතුම් 8 ක් එකවර ගතහැකි පරිදි, සිම්පත් 8 ක් එකවර භාවිතා කළ හැකි සන්නිවේදන උපකරණයක් සමග නිට්ටඹුව කල්එළිය ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඊයේ (28) සිදු කළ මෙම වැටලීමේදී රවුටරයක් සහ කිනිසි දෙකක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සිම්පත් විදේශ රටවලට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව සහිත ඒවා බවද හෙලිවී ඇතැයි පොලිසිය කියයි.

මෙම සන්නිවේදන උපකරණ මෙරට නිෂ්පාදිත ඒවා බවට පොලිසිය සැක කරයි.

වේයන්ගොඩ පොලිසිය ත්‍රිරෝද රියක් සෝදසියට ලක් කළ අවස්ථාවේදී වෙනත් අයෙකුගේ බවට සැක කරන විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙනෙකු හා තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනාගෙන් අයකු කොළඹ ප්‍රදේශයේ පල්ලිවලට කඩු බෙදා හැරිය බව කියන සැකකරුගේ බිරිය බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පල්ලි‍වලට කඩු බෙදාහැරිය බව කියන සැකකරු දින දෙකකට පෙරදී බිරිය සමඟ කල්එළියේ නැගණියගේ නිවසට පැමිණ ඇති බවද අනාවරණයවූ බව පොලිසිය සදහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *