“කුවේට් සිට පැමිණි ලාංකිකයන්ට කොරෝනා වැළඳුනේ ආණ්ඩුවේම වරදින් “- කුවේට් සිට ලංකාවට ලිපියක්

කුවේට් හි ලබා දුන් පොදු සමාකාලයේ දී භාර වී අප්‍රේල් 21 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් එසේ පැමිණීමට සූදානමින් සිටිය දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 ක් පමණක් බවත් රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් මාසයකට ආසන්න කාලයක් ඔවුන් ගෙන්වා ගැනීම පමා කරන ලද ආණ්ඩුව මෙම පිරිස කොරෝනා ආසාදිතයින් බවට පත්වීමේ වගකීම භාරගත යුතු බවත් එතෙර අපි සංවිධානයේ කුවෙට් ශාඛාව පවසනවා.

බරපතල අර්බුද රැසකට මුුහුණ දෙමින් කුවේට්යේ රැදී සිටි වීසා කාලය ඉක්මවූ 16000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත් ද අවශ්‍ය පහසුකම් ද සහිතව පොදු සමාකාලයක් ලබා දීම පිළිබදව කල් වේලා ඇතිව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නත් ඔවුන් ගෙන්වා ගැනීමට විදීමත් වැඩ පිළිවෙලක් සකස් නොකිරීම පිළිබදව ද ආණ්ඩුව වගකිව යුතු යැයි ද එම සංවිධානය චෝදනා කරනවා.

පොදු සමාකාලය ආරම්භ වූ අප්‍රේල් 21 වැනිදා එම සමාව ලබන ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනා පැමිණියේ තමන් නේවාසිකව සිටි නේවාසික ස්ථානවලින් ඉවත්වී තම මව්රට බලා යාමේ අපේක්ෂාවෙන් බවත් එදින ගමන් බලපත් ඇති අය පමණක් භාර ගත් අතර අනෙක් පිරිස මාසයක් තිස්සේ යන එන මං නැතිව තැන් තැන් වල රැඳී සිටින බවත් කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම වැඩිවී ඇත්තේ එම පිරිසට බවත් එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඞ් ලිවේරා මහතා එවන ලද ලිපියක සදහන්.

දැනට කොරෝනා අවදානම වැඩිම රටක් වන ඉන්දියාව පවා තමන්ගේ වැසියන් ගෙන්වා ගැනීමට වෛද්‍ය කණ්ඩායම් පවා කුවේටයට එවමින් සිටිද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි කිසිදු සහයක් නොදී චෝදනා කරමින් සිටීම කණගාටුවට කරුණකැයි ද එහි සදහන් වනවා.

ජූඞ් ලිවේරා මහතා විසින් එවන ලද එම ලිපි ද සමග එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ කුවේට් සිට ආවේ කොරෝනා වැළදුණු පිරිසක් බවටත් ඔවුන් ගේ පැමිණීම බෝම්බයක් බවටත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කර ඇති ප‍්‍රකාශය පිළිබද බලවත් අප‍්‍රසාදය හා කණගාටුව පළ කරන බවයි.

තම වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඕනැම ආණ්ඩුවක් ඕනැම තත්ත්වයක දී බැදී සිටින බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් අදාල නිවැරදි නිරෝධෘනයන ක‍්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එතෙර ඉල්ලා සිටින බව ද හදුන්නෙත්ති මහතා දන්වා තිබෙනවා.

You May also like

1 Comment

  1. Rata rata wala horen, walaththa kamata karak gaala, waradunaama aanduwa Pali?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *