ඩීසල් 1L රු.25 කින් පැට්‍රල් ලීටරයක් රු.16 කින්

ලෝක වෙළද පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පැට්‍රල් ලීටරයක් රුපියල් 15/16 මිලකින් ඉහළ දැමීමට අවසර දෙන්නැයි මෙරට ඉන්ධන වෙළදපොළේ දෙවන ප්‍රධාන සැපයුම්කරු වන ලංකා අයි. ඕ.සී සමාගම රජයෙන් ඉල්ලයි.

ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව පවසන ලංකා අයි. ඕ.සී සමාගම මෙම ඉල්ලීම සිදු කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී මාධ්‍ය හමුවක් පැවැත් වූ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද ඉන්ධන මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව ද පැවසුවේය.

නමුත් මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *