කොළඹ සහ අවට පහත් පතුල් සුඛෝපභෝගී බස් සේවයක්..බස් ගාස්තුව එක හමාරකින් වැඩිවේ..ආබාධිතයන් රෝද පුටුවෙන්ම බසයට..හිටගෙනත් යා හැකියි

කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව නිරන්තරව පවතින මාර්ග තදබදයට පිළියමක් වශයෙන් නගරාන්තර සුඛෝපභෝගී බස්රථ 100 ක සේවාවක් ළඟදීම ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

පෞද්ගලික වාහන මගින් රාජකාරී සඳහා නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ පහසුවට විශේෂයෙන් මෙම බස්රථ සේවාව යොදවන බවද පෞද්ගලික වාහන 70,80 ක පමණ පිරිසක් මෙම එක් බස් රථයක රැගෙන යා හැකි බවද ඒ මහතා කියා සිටියා.

ගුවන්තොටුපලවල යොදවා ඇති අභ්‍යන්තර බස්රථ සේවාවට සමාන මෙම බස්රථවල මගීන් වැඩි පිරිසක් හිටගෙන යා හැකි අතර ආබාධිත පුද්ගලයින්ට සිය රෝද පුටු මගින් මෙම බස්රථවලට ඇතුල්විය හැකි බවද හෙතෙම සදහන් කළා.

මෙම රක් බස්රථයක් රුපියල් මිලියන 100 කට වැඩි බවද සාමාන්‍ය බස්රථ ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් මෙම බස්රථ සඳහා අයකරන බවද ඔහු පැවසුවා.

මෙම සැලැස්ම රජයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇතැයි ද එම සංගමය පවසනවා.සාමාන්‍ය බස් රථ සේවාවට අමතරව සෑම මාර්ගයකම සුඛෝපභෝගී බස්රථ 10% යොදවන බව සංගමය සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *