බැසිල් සහ රේගුවේ නිලධාරින් අතර හමුවක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් මෙන්ම ඒ ආශ්‍රිත සේවාවන් පවත්වාගෙන යන ආයතනවල නියෝජිතයින් අතර හමුවක් ඊයේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

රේගු නිලධාරින්ට වෘත්තීය කටයුතුවල නිරත වීමේදී ප්‍රායෝගිකව මුහුණපෑමට සිදුවන ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව සමග කටයුතු කරන විවිධ ආයතන, සේවාවන් ඉටු කර ගැනීමේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ආදායම් උත්පාදනය ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

සේවකයින්ට තෘප්තියකින් යුතුව වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය කටයුතු කරන අතර, එමගින් ගණුදෙනුකරුවන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට රේගු නිලධාරින් කටයුතු කිරීම තම අපේක්ෂාව බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, ලෝක රේගු සංවිධානයේ සහ ලෝක වෙළඳ සංවිධානයේ එකඟතා සහ ප්‍රඥප්තීන්ට අනුව වෙළඳාම පහසු කිරීම පිණිස ක්‍රියාත්මක කර ඇති වැඩපිලිවෙල පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වී තිබුණා.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම රේගු වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටි බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *