ගෝල්ෆේස් අරගල භූමියෙන් රනිල්ට පණිවුඩයක්

ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වෙන විරෝධතාවයට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ද ඊයේ රාත්‍රී ගාලුමුවදොරදී විරෝධතාවයක් පැවැත්විණි.

එහිදී සිවිල් ක්‍රියාකාරී ලහිරු වීරසේකර සදහන් කළේ නව අග්‍රාමාත්‍යවරයගේ පත්වීම පිළිගැනීමට අරගලකරුවන් සූදානම් නොමැති බවය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නව රජයක් පිහිටුවීම සඳහා සිය පක්ෂයේ සහය ලබා නොදෙන බව සමගි ජනබලවේගය පැවසීය.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකිරීමට පියවර ගන්නා බවය.

කෙසේවුවද සිය පක්ෂයේ කොන්දේසිවලට එකඟවන්නේ නම් නව රජයක් වෙත සහය ලබාදීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා යටතේ පත් කරනු ලබන ඕනෑම ආණ්ඩුවක් ජනමතයට විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මේ අතර රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ පවතින ආර්ථික අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව පවතින බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *