“ලෙඩ වුණොත් රටින් පන්නන්න බෑ..ලාංකිකයන්ට සෞඛ්‍ය පහසුකම් දිය යුතුයි..”- විදෙස්ගත ලාංකිකයන්ට පණිවිඩයක්

තම රටේ සිටින විදේශීය පිරිසක් රෝගී වුවහොත් නෙරපා හැරීමට හෝ පන්නා දැමීමට අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා.

එනිසා එම ප්‍රඥප්තියට බැඳී රටවල් තමයි යුතුකම් ඉටුකළ යුතු බැවින් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් රෝගී තත්ත්වයකට පත්ව ඇත්නම් එම රටවල් මගින් සෞඛ්‍ය පහසුකම් ලබා දිය යුතු යැයි ද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාව ද මේ වන විට එම ක්‍රමවේදය අනුගමනය කරන බවත් මෙරට සිටින ඕනෑම විදේශික රෝගියකු සම්පූර්ණ වශයෙන් සුව වන තෙක් ප්‍රතිකාර කරන බවද ඔහු සඳහන් කර සිටියා.

You May also like

1 Comment

  1. yes ඇත්ත නමුත් e සැලකිලි තියෙන්නේ ලංකාවේ විතරයි. මෙහෙ එහෙම ne. ලෙඩක් hedunata apita සලකන්නේ ne.ekai ලංකාවට එන්න හදන්නේ .eth අපිව ගන්නේ නෑනේ .masa 3nk idan api room වල හිර wela.please අපිව ගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *