බදුල්ල සෙලවෙයි – විශාල ශබ්දයක් සහිත භූ චලනයක්

අද (16) පෙරවරුවේ බදුල්ල, පස්සර, හාලිඇල ප්‍රදේශවලට විශාල ශබ්දයක් සහිත භූ චලනයක් ඇතිවූ බවට එම ප්‍රදේශවාසින් සඳහන් කළා.

උදෑසන 8.20ට පමණ තත්පර කිහිපයක් භුමියේ දෙදිරීමක් සහා ශබ්දයක් ඇසුනු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

ආපදා කළමණාකරණ දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන්  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සී එච් ඊ ආර් සිරිවර්ධන පැවසුවේ මෙම භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 3 ත් 3 යි දශම 2 ත් අතර වන බවයි.

කෙසේවෙතත් පසුකම්පන තත්ත්වයන් පිළිබද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය අවධානයෙන් පසුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *