පොලිසිය වෙඩි තබයි – හිමිනමක් අපවත් වෙයි

පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇති හුංගම ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයකදී.

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක සිටි භික්ෂුන් වහන්සේ නමක් ඉන් අපවත් වී ඇති බව වාර්තා වනවා.

ප‍්‍රදේශයේ මේවන විට යම් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට ලුහුබැද ගිය හුංගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු එම යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනා සිය භාරයට ගෙන ඇති අතර එහිදී ඔවුන් පොලීසියෙන් මිදී පලායාමට උත්සහ දරා ඇති බව සඳහන්.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වී අසලින් ගමන් කළ වෑන් රථයක සිටි හිමි නමකට වෙඩි ප්‍රහාරය එල්ල ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතළ තුවාල ලැබූ උන්වහන්සේ අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමේ දී අපවත් වී තිබුණා.

සිද්ධියෙන් අපවත් වී ඇත්තේ වයස අවුරුදු 21 ක් වු හාතාගල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමකි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.