මවක් විසින් මාස 6ක් වයසැති බිළිඳෙකුව පුළුස්සා හිංසනයට ලක්කරලා

මාස 6ක් වයසැති බිළිඳෙකු සිය මව හා ඇගේ අනියම් පෙම්වතා විසින් පුළුස්සා හිංසනයට ලක්කිරීමේ ඛේදනීය පුවතක් ජාඇළ – තුඩැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හිංසනයට ලක්වූ බිළිඳා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මේවන විට මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මාස 6ක් වයසැති බිළිඳාගේ මව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට මීට මාස කිහිපයකට පෙර සිරගත කර තිබෙනවා.

ඒ අතරතුර බිළිඳාගේ පියාද පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දැනට සිටින්නේ සිරගතවයි.

දඩුවම් කාලය නිම කරමින් යළි පැමිණි බිළිඳාගේ මව සිය අනියම් පෙම්වතා සමග අදාළ බිළිඳා වෙනත් ස්ථානයකට ගෙනගොස් දින 20ක පමණ කාලයක් විවිධ හිංසනවලට ලක්කර ඇති බවට බිළිඳාගේ පියා චෝදනා කරනවා.

බිළිඳාගේ පියා මේ පිළිබඳව පැමිණිලි කිරීමට ජාඇළ පොලිස් ස්ථානයට පැමිණි පසු එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ බිළිඳා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම වාර්තාව මෙතෙක් ලැබී නැහැ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට ජාඇළ සහ සීදුව පොලිස් ස්ථාන විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *