මුරලි ගැන චිත්‍රපටයක් හැදේ: ප්‍රධාන චරිතය විජේ සේදුපතිට හිමිවන ලකුණු

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය කරන්නට දකුණු ඉන්දීය සිනමාව සූදානම් වන බවට වාර්තා වෙනවා. මේ චිත්‍රපටය නම් කර ඇත්තේ ‘800’ නමින්. ඒ මුරලි ලබාගත් ටෙස්ට් කඩුලු ප්‍රමාණය සිහිපත් කරන්නටයි.

එම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතය නිරූපණය කිරීමට බොහෝවිට ජනප්‍රිය දමිළ නළු විජේ සේදුපතිව තෝරාගනු ඇති බවටයි විශ්වාසනීය ආරංචිමාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ.

මුරලිගේ ජීවන තොරතුරු ඇසුරින් නිර්මාණය වන මෙම චිත්‍රපටයේ රූගත කිරීමේ මේ වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ වනු ඇති බවත්ල ඉන්දියාවල ශ්‍රී ලංකාව සහ එංගලන්තයේ මෙම රූගත කිරීම් සිදුකරනු ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *