හෝමාගම ඉහළ අහසේ අභිරහස් යානා – නිරෝධන මධ්‍යස්ථානයට හොඳින් පෙනිලා

හෝමාගම ඉහල අහසේ අභිරහස් යානා සැරිසරනු වෛද්‍ය ශිෂ්‍යයින් කිහිපදෙනෙකු දැක තිබෙනවා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධන මධ්‍යස්ථානයේ රදවා සිටින වෛද්‍ය ශිෂ්‍යයන් දස දෙනකු පමණ පිරිසක් පසුගිය 4 වෙනි දා රාත්‍රී 7.30 ට පමණ මෙම යානා ඉතා හොඳින් නිරීක්ෂණය කර තිබුණා.

ඔවුන් සඳහන් කරන්නේ මෙම අභිරහස් යානා රතුපැහැති අමුතු එලි විශේෂයක් සහිතව පියාඹන පීරිසි එක හැඩයෙන් ඉතා හොදින් දිස් වූ බවයි.

විනාඩි 10ක පමණ කාලයක් එකම තැන නොසෙල් වී තිබූ බවත් එය චන්ද්‍රිකාවක් වූ සාමාන්‍ය ගුවන් යානයක් නොවන බව ස්ථිර බවද ඔවුහු සඳහන් කරනවා.

ටික වේලාවක් එකම තැන රැදී තිබූ එම යානා පසුව ඊසාන දෙසට පා වී ගිය බවද ඔවුහු සඳහන් කළා.

You May also like

1 Comment

  1. මා ද දුටුවෙමි එය එදිනම රාත්‍රි 8.00ට පමණ මා රැඳී සිටියෙ එම අවස්ථාවේදී සිද්ධමුල්ල ප්‍රදේශයේ වෙල් යායක් අසලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *