පකිස්තානයේ කෝටිපතියන්ට අලුත් රස්සාවක්

පාකිස්තානයේ නව අගමැති ෂබාස් ෂරීෆ් රටේ කෝටිපති ව්‍යාපාරිකයන්ව එරට ආර්ථික උපදේශක කවුන්සිලයේ (EAC) සාමාජිකයින් ලෙස තෝරාගෙන ඇති බව Express Tribune වාර්තා කරයි.
අගමැතිවරයා එම ආර්ථික උපදේශක කවුන්සිලයෙහි මුලසුන හොබවනු බවත් එය සෑම සතියකම රැස්වීමට සැලසුම් කර ඇති බවත් පැවසේ.
ආර්ථිකයේ දිශාව වෙනස් කිරීමට සහ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අවසන් කිරීම මෙම කවුන්සිලයේ ප්‍රධාන අරමුණු අතර වන බව එරට වාර්තා කියයි.
පාකිස්තාන ප්‍රකෝටිපතියන් විශාල සංඛ්‍යාවක් ආර්ථික උපදේශන කවුන්සිලය වෙත ඇතුළත් කර ඇති අතර හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආර්ථික උපදේශක කවුන්සිලයේ ද කටයුතු කළ අය පවා ඒ අතර වන බව පැවසේ.

You May also like

Leave a Reply

Your email address will not be published.