කොවිඩ් මර්දනයට මාර්ගෝපදේශ මාලාව අලුත් වෙයි

කොවිඩ් 19 වසංගත සමයේ මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද නිකුත් කළා.

මෙම නව මාර්ගෝපදේශ අනුව ගතවූ මාස 6ක කාලය තුල කොවිඩ් මර්දන එක් එන්නතක් ලබාගෙන කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් ඇතුලු සැම සලකනු ලබන්නේ සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ලෙසටයි.

එමෙන්ම මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල හරහා සිදු කෙරෙන පී සී ආර් පරීක්ෂණයේදී සී ටී අගය 30ට අඩු පරීක්ෂණ වාර්තා ​හිමි සංචාරකයින් සහ මෙරටට පැමිණෙන්නන් දින 7ක නිරෝධායන කාලයකට යටත්ව ගුවන්තොටුපලින් බැහැරට යාහැකි වනවා.

ඔවුන් එලෙස ගුවන්තොටුපලින් නිදහස් කරනුයේ අදාළ ගමනාන්තයේ නිවෙස් නිරෝධායනය සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඇත්නම් පමණයි.

මීට අමතරව සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ දෙමව්පියන් සමග පැමිණෙන වයස අවුරුදු 12ට අඩු දරුවන් සම්පූර්ණයෙන් කොවිඩ් පරික්ෂණවලින් මුදාහැර ඇති අතර වයස අවුරුදු 12ත් 18ත් අතර එක් එන්නතක් පමණක් ලබාගත් දරුවන් ද සිය දෙමව්පියන් සමග බැහැරට යාමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

එමෙන්ම කොවිඩ් 19 අධි අවදානම් රටවලින් පැමිණෙන සංචාරකයින් සඳහා සිදු කෙරෙන නිරෝධායන කටයුතු පිළිබඳව ඔවුන්ගේ වාර්තා අනුව තීරණය කෙරෙන බවයි මෙම නව යාවත්කාලීන කිරීමේ දැක්වෙන්නේ.

ඒ අනුව ඇතැම්විට ඔවුන්ගේ නිරෝධායන කාලසීමාවන් දින 7 සිට 14 දක්වා වෙනස්විය හැකි බවත් මෙහි දක්වා තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published.