නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ළඟදීම

පාසල් ආරම්භ කරනවිට දැනට නිකුත් කර ඇති ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස් කිරීමට සිදු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පැවසුවේය. ඒ අනුව සුළු මාර්ගෝපදේශ වෙනස් වන බවත් මුඛ ආවරණ භාවිතා කිරීමේ විශේෂ මාර්ගෝපදේශ ලබා දී ඇති බවට ඊට දරුවන් හුරුපුරුදු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු‍ම කලාපවල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට එළඹෙන සිකුරාදා දිනයේ දී ෆයිසර් එන්නත ලබාදීමට සැළසුම් කර තිබේ.

ඊට සමගාමීව වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම එළඹෙන 21 වනදා පාසල්වලදී සිදුකිරීමටයි සැළසුම් කර ඇත.

සියලු‍ම සිසුන් හැඳුනුම්පත සමග එන්නතකරණ වැඩසටහනට සහභාගී විය යුතු බව ඊයේ(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී. ධර්මසේන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ, පාසල් විවෘත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සඳහා සිය සංගමය පූර්ණ දායකත්වය ලබාදෙන බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *