කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන හෙදියකට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට ප්‍රචාරණය වන තොරතුරු අසත්‍ය බවට එම රෝහලේ ආරංචි මාර්ග සදහන් කරන බව අරුණ පුවත්පතේ වෙබ් අඩවිය පවසනවා.
මේ සම්බන්ධයෙන් අප නාගොඩ මහ රෝහලෙන් කළ විමසීමකදි එහි ආසාදන පාලන නිලධාරීනි දීපානි පුෂ්පකුමාරි මහත්මිය සඳහන් කර ඇත්තේ එම රෝහලේ කිසිදු හෙදියකට මෙතෙක් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.
පෙරේදා දිනයේ (13) හෙදියන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කළ නමුත් ඉන් කිසිදු හෙදියකට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව ද ඇය සඳහන් කර තිබෙනවා.