ලොරියක් බසයක මුහුණට මුහුණ ගැටේ – ලොරියේ රියදුරු ඉවතට ගන්න දැඩි පරිශ්‍රමයක්..අවසාන රියදුරු මරු දකී(PHOTOS)

මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ එළියකන්ද ප්‍රදේශයේ දී අද (21) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තක්කාලි ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක් සහ බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර, ලොරි රථයේ රියදුරු එම ස්ථානයේ දීම මියගොස් සිටියා.

අනතුරු සිදුවීමෙන් අනතුරුව විනාඩි 20ක පමණ කාලයක් පුරා දැරූ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ලොරි රථයේ සිරවී සිටි රියදුරු ඉවතට ගෙන ඇතැයි වාර්තා වනවා.

රියදුරු මාතර මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 69ක් වු මාතර, බණ්ඩත්තර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුරින් බස්රථයේ ගමන් කළ පුද්ගලයින් පස්දෙනෙක් ද තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *