ඇඳිරි නිතිය පනවා තිබූ පොහොය දවසේ ‘පොලිසියෙන්’ සොරබොර වැව් තාවුල්ලේ මත්පැන් සාදයක් !

බක්පුර පසළොස්වක පොහොය යෙදී තිබූ හා රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ පෙරේදා (7 ) දිනයේ මහියංගණ පොලිසියේ නිලධාරීන් පිරිසක් සොර බොර වැව අසල මත්පැන් සාදයක් පවත්වා ගී ගයා විනෝද වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසනවා.

සවස 4.00ට පමණ සොරබොර වැව් තාවුල්ලේ මෙම සාදය ආරම්භ කර තිබෙනවා.ගම්වාසීන් මේ සම්බන්ධයෙන් අම්බාලේ රතනහිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්තගේ මැදිහත්වීමෙන් සාදය නතර කර ඇත්තේ එදින රාත්‍රී 7.30ට පමණයි.

මේ ආකාරයෙන් බොහෝ පිරිසක් සොර බොර වැව් තාවුල්ලට පැමිණ විනෝද වී පරිසරය විනාශ කරන බවද ප්‍රදේශවාසීහු පවසනවා.

මෙම පොලිස් සාදයෙන් අනතුරුව අම්බාලේ රතන හිමියන් ප්‍රමුඛ තරුණ පිරිසක් පොලිස් නිලධාරීන් විසින් අරක්කු බෝතල් ඇතුළු අපද්‍රව්‍ය දමා අපවිත්‍ර කර තිබූ සොරබොර වැව් තාවුල්ල පිරිසිදු කිරීමට කටයුතු කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *