කොරෝනා වෛරසයේ ලොව පුරා මරණ දහඅට ලක්ෂය ඉක්මවිය හැකි බවට අනාවැකියක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ලොව පුරා රටවල් දැඩි පියවර ගනු ලැබූවද, ගෝලීය වසංගතයෙන් ලොව පුරා දහඅට ලක්ෂය ඉක්ම වූ ජනතාවක් මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙනවා.

රජයන් මගින් කොරෝනා වෛරස් ආසාදිතයන් පරීක්ෂා කිරීම, වෙන් කිරීම සහ සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි පියවර ගනු ලැබුවහොත් මිලියන සංඛ්‍යාත ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 531,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 24,000 කට අධිකයි.

ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයන් නව අනාවැකිය නිකුත් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ අනුපාත මෙන්ම ජන විකාශ සහ සමාජ සාධක සැලකිල්ලට ගනිමින්.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි පියවර අනුගමනය නොකළහොත්, වෛරසය ලොව සෑම පුද්ගලයෙකුටම ආසාදනය විය හැකි අතර, මිලියන 40ක් ජනයා මිය යා හැකි බවයි ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයන් කියා සිටින්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *