මතීෂ ගැන දෝනිගෙන් අනාවැකියක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ සිය මංගල අයි.පී.එල් තරගයට එක් වුණා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් (chennai super kings) කණ්ඩායම නියෝජනය කරමින්.

චෙන්නායි සුපර් කිංග්ස් ගුජරාට් ටයිටන්ස් (gujarat titans) කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදී සිය පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාවය බිඳ හෙළන්නට ඔහුත් සමත් වුණා.

ඒ ෂුග්මාල් ගිල් ගේ කඩුල්ල දවා ගනිමින්.

මේ තරගයේ දී දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ චෙන්නායි කණ්ඩායමේ නායක මහින්ද සිං දෝනි කියා සිටියේ මතීෂ පතිරණ අනාගතයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනු ඇති බවටයි.

මේ තරගයේ දී ගුජරාට් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා ද මතීෂ ගේ පන්දු හමුවේ දැවී ගියා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහෙන්ද්‍ර සිං දෝණි කියා සිටියේ මතීෂ ශ්‍රි ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංගව යළි අයි.පී.එල් පිටිය තුළ සිහිගන්වන බවයි.

මතීෂ ක්‍රමානුකූලව නිසි පුහුණුවක් යටතේ හොඳින් රැකබලාගත යුතු ක්‍රීඩකයෙකු ලෙස හැඳින්වූ දෝනි කියා සිටියේ එය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වටිනා ආයෝජනයක් වනු ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published.