ලග්න හතකට සුබපල දෙන දුර්ලභ ග්‍රහමාරු දෙකක්

ඔබටත් රටටත් බලපාන සුවිශේෂී ග්‍රහමාරු දෙකක් ලබන සතියේ සිදුවෙනවා. ඒ තමයි බුධ සහ සිකුරු යන ග්‍රහයන් මාරු වීම. බුධ ග්‍රහයා සැප්තැම්බර් එකොළොස් වැනිදා උදේ හතරයි පනස් අටට කන්‍යා රාශියට මාරුවෙනවා. කන්‍යා රාශිය බුධට උච්ච බලය ලැබෙන බලවත් වන රාශියයි. මේ අතරේ සැප්තැම්බර් දහ වැනිදා පාන්දර එකයි හතලිහට සිකුරු ග්‍රහයාත් කන්‍යා රාශියට මාරු වෙනවා. හැබැයි කන්‍යා රාශිය සිකුරු දුර්වල, නැත්නම් නීච වන රාශියයි. එහෙම වුණත් උච්ච බුධ සමඟ ගමන් කරන නිසා නීචභංග රාජයෝගයක් හැදෙනවා. මේ ග්‍රහයෝගය රටට එක විදියකිනුත් ඔබට තවත් විදියකිනුත් බලපානවා. මේ බලපෑම ගැන සොයා බැලීම මේ ලිපියේ අරමුණයි.

බුධ කන්‍යා රාශියේ උච්චව ගමන් කරන කාලය සැප්තැම්බර් 11 සිට සැප්තැම්බර් 29 දක්වා කෙටි කාලයකටයි පවතින්නේ. ඉතිං බුධ බලවත්ව උපන් අයටත් කේන්ද්‍රයේ බලවත් ස්ථානවල ගමන් කරන අයටත් සුබ නැකත් උදාකරනවා. මේ නිසා අකුරු කියවන්න වගේම වෙනත් විෂයයන් ඉගනීමට ආරම්භ කරන්නන්, විභාගයකට සුදානම් වෙන්නත් සුබ නැකත් උදාකරනවා. ඒ වගේම බුධ ග්‍රහයා සන්නිවේදන අංශයට, කතාවට, ජ්‍යොතිෂයට, ලේඛනයට වගේම යන්ත්‍ර මන්ත්‍රවලටත් අධිපති වෙනවා. මේ නිසා මෙවැනි කටයුතුවල යෙදෙන අයට විශේෂ සුබදායක තත්වයක් ඇති කරනවා. චිත්‍ර, මූර්ති, නිවේදන කටයුතු, මුද්‍රණය ආදී අංශවලට අධිපති වන නිසා බුධ බලවත් නම් එවැනි කටයුතුවල යෙදෙන අයට විශේෂ සුබපල ඇති කරන බව පේනවා. බුධ ග්‍රහයා ග්‍රහ ලොවේ රාජ්‍ය ලේකම් ලෙසයි හඳුන්වන්නේ. ලේකම්වරයකුට අදාළ රාජකාරි තමයි බුධට අයිති වෙන්නේ. කන්‍යා, මිථුන ලග්න වලින් උපන් අයගේ ලග්නාධිපති වන බුධ අස්ලිස, දෙට, රේවතී යන නැකත්වලට අධිපති වෙනවා.

මේ අතරේ සිකුරුත් මාරු වීම විශේෂයි. ඉරබටු තරුව නැත්නම් පහන් තරුව කියල හඳුන්වන්නේ සිකුරු තරුවමයි. ග්‍රහ රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරිය ලෙස හඳුන්වන ස්ත්‍රී ග්‍රහයෙක් වන සිකුරු කාමයට අධිපති වන ග්‍රහයායි. ලලිත කලා, චිත්‍ර, සංගීතය, නර්තනය, රංගනය, චිත්‍රපට හා රූපවාහිනී කලා අංශවලට අධිපති වන්නේ සිකුරු ග්‍රහයායි. සිකුරු නීච වීම මේ වගේ අංශවල කටයුතු කරන අයට තරමක අහිතකර බලපෑමක් ඇති කරන බව පේනවා.

ශ්‍රී ලංකාව හිමි වන්නේ ශනිට අයත් කුම්භ ලග්නයටයි. බුධ සමඟ ශුක්‍ර නැත්නම් සිකුරු මාරුවන්නේ කුම්භ ලග්නයේ අටවැන්නටයි. ඒ කියන්නේ මාරක ස්ථානයටයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලනකොට සුබ ග්‍රහයන් අසුබ තැනක ගමන් කරනවා. මේ නිසා තරමක අපලදායක තත්වයක් ඇති කරන බව කිව යුතුයි.

ඉතින් සැප්තැම්බර් 10 වැනිදාත් ඔක්තෝබර් 04 වැනිදාත් අතර මේ රටේ ලේඛකයන්ට සාහිත්‍ය කරුවන්ට තරමක් අපලදායක බවත් පේනවා. සුප්‍රකට ලේඛකයකුගේ හෝ පුවත්පත් කලාවේදියකුගේ අභාවයක් ගැන අහන්න ලැබෙනවා. කීර්තිමත් සාහිත්‍යවේදියකු ගැන කනගාටුදායක ආරංචියක් ලැබේවි. මේ කාලය තුළ සාහිත්‍ය නිර්මාණ කරන අයට තරමක බාධා ඇතිවෙන්න ඉඩ තියනවා. ඒ වගේම කලාවට සම්බන්ධ උසස් කාන්තාවකගේ අභාවයක් සිදුවෙන්න ඉඩ තියෙනවා. දරුවන්ට අපලදායකයි. පාර්ලිමේන්තුව තුළ වෙනස්වීමක් සිදුවන බවත් පේනවා. එය තනතුරුවල විය හැකියි. විදේශීය සබඳතා පළුදු වන ආකාරයේ ගැටලූ ප්‍රශ්න ඇතිවන බවත් පේනවා.

පසුගිය කාලයේ රටට හිතවත්ව කටයුතු කළ රටවල් විරුද්ධ ප්‍රතිපත්තියක් ඇති කරගන්න පුළුවන්. මේ තත්වය ආනයන අපනයන කටයුතුවලටත් බලපානවා.

මේ ග්‍රහ මාරුව අතරේ අඟහරු හත්වැන්නේ ගමන් කරන නිසා උතුරේ පැවති සාමකාමී තත්වයටත් බාධා ඇතිවන්න පුළුවන්. උතුරෙන් අභියෝග එල්ල වන කාලයක් බව පේනවා. අදෘශ්‍යමාන බලවේග, එනම් භූත බලපෑම් යන්ත්‍ර මන්ත්‍ර වගේ ගුප්ත විද්‍යාවන් මගින් රටට විරුද්ධව කරන දේවල් සිදුවනවා. බොහෝ අය රටට විරුද්ධ බලවේග දෙස බලන්නේ ඇසට පෙනෙන දේ ගැන පමණයි. නමුත් සතුරු බලවේග විසින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හරහා පවා කුමන්ත්‍රණ දියත් කරන බව වටහා ගත යුතුයි. ප්‍රතිකර්ම නොකළොත් මේ බලවේග ක්‍රියාත්මක වෙනවා. උදාවන ග්‍රහ බලය රටේ සෞඛ්‍යයටත් බලපානවා. විශේෂයෙන් වකුගඩු රෝගය ව්‍යාප්තවීම ස්නායුගත රෝග පිළිබඳව අසන්නට ලැබීම, කාම අපරාධ ප්‍රචලිත වීම ගැන අහන්න ලැබේවි. පළතුරුවලට වස විස එකතු කිරීම හා පළතුරු මිල ඉහළ යාම ද සිදුවන බව පේනවා.

ලෝකායත ජ්‍යොතිෂ සිද්ධාන්ත සලකාබලමින් මෙවැනි අනාවැකි පළ කරන්නේ මේ තත්වයන් වළක්වා ගැනීමට බලධාරින් කටයුතු කරන්නේ යැයි බලාපොරොත්තු ඇතිවයි. ඒ වගේම ජනතාවගේ ප්‍රවේශම සඳහායි. රජයට ප්‍රතිවිරුද්ධ බලවේග රජය තුළින්ම ඇති වන බවත් පේනවා. ලංකා කේන්ද්‍රයේ රජය නියෝජනය කරන දහය අධිපති කුජ හත්වැන්නේ සතුරුව ගමන් කිරීම ඊට හේතුවයි.

ජ්‍යොතිෂයේ ග්‍රහ අපලවලට ශාන්ති කර්ම නිර්දේශ කර තිබෙනවා. බුධ ග්‍රහයා ශ්‍රී විෂ්ණු දෙවියන් නියෝජනය කරන අතර සිකුරු ග්‍රහයා ශ්‍රී ලක්‍ෂ්මී හා පත්තිනි දෙවිවරු නියෝජනය කරනවා. ග්‍රහ අපල වශයෙන් හඳුන්වන සෑම බලපෑමක්ම මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයකි.

බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම හා නිෂ්ඵල වචන කතාකරමින් සමාජය විවිධ ලෙස නොමඟ යැවීම බුධගේ අපලයට හේතු වෙනවා. සිකුරු නියෝජනය කරන්නේ කම් සැපයි. කාම මිථ්‍යාචාරය, අන් අයගේ සැපතට ඊර්ෂ්‍යා කිරීම, ඒ අනුව සතුරුකම් කිරීම, ආදිය සිකුරු අපලයට හේතුවයි. මේ නිසා මේ වැරදිවලින් ඉවත් වන සමාජයක යහපත් තත්වයක් බලාපොරොත්තු වන්න පුළුවනි. සමාජය යහමගට ගත හැක්කේ ඉහළ සිට පහළට බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රජු ධාර්මික නම් ජනතාව ධාර්මික වන බවයි. ‘‘රාජා භවතු ධම්මිකෝ’’ කියන්නේ ඒකයි.

උදාවන සතියේ සිදුවන මේ ග්‍රහ මාරු ඔබ උපන් ලග්නය අනුව බලපාන හැටි දැන් බලමු

මේෂ

මේෂ ලග්න හිමියන්ට මේ ග්‍රහ මාරුව මිශ‍්‍රපලදායක බවක් පේනවා. අසනීපයක් තිබුණා නම් ඒක සුව අතට හැරෙයි. ඔබ ගැන සමාජයේ තියන පිළිගැනීම ඉහළයයි. ගෞරවය වැඩි වෙයි. සේවක පක්‍ෂයේ සහයෝගය ලැබෙන නිසා රැකියා ව්‍යාපාරවලටත් සුබදායකයි. ධනලාභ ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ වුණත් සිකුරු හයවැන්නේ දුර්වල වීම නිසා කේලාම් ඕපා¥ප වැනි දේවල් නිසා ඔබේ හොඳකම නරක් වෙන්න ඉඩ තියෙනවා. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. වුවමනාවට වඩා විනෝදයට බරවීම නිසා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන්න පුළුවන්. විනෝදය පාලනය කරගන්න.

වෘෂභ

ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නෙ මේ ග්‍රහ මාරුව සිදුවනවා. මේ නිසා අධ්‍යාපන කටයුතුවලට තිබුණ බාධා ඉවත් වේවි. විභාගවලින් නැත්නම් සම්මුඛ පරීක්‍ෂණවලින් සමර්ථ වෙන්න පුළුවන් වෙයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. රාජ්‍ය අංශයෙන් වගේම උසස් අයගෙන් උදව් උපකාර ලැබේවි. සාකච්ඡුා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් කාලයක්. කීර්ති ප්‍රශංසා ලැබෙන බවක් පේනවා. දරුවෙකුගේ දියුණුවක් ගැන අහන්න ලැබේ. ලොතරැයි ජයක් වගේ හදිසි ධනයක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම විනෝද වෙන්න අවස්ථාත් උදාවෙයි. පෙම්වතුන්ට සුබපලදායකයි.

මිථුන

මිථුන ලග්නය හිමියන්ගේ හතර වැන්න බලවත්වීම සුබදායකයි. ගෘහ ජීවිතය සතුටුදායකයි. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. අම්මා තාත්තා දරුවොත් එක්ක සතුටින් කාලය ගතකරන්න හැකි වෙයි. ගෙදරට අළුතින් ගෘහභාණ්ඩ ගන්න හිත යොමුවෙයි. අම්මාට, තාත්තාට සැප ලැබෙන ශුභ කාලයක්. සමාජයේ ඔබ පිළිබඳව තියන ගෞරවය, පිළිගැනීම ඉහළ යයි. හිතටත් සැනසීම ලැබෙන බව පේනවා. අළුත් ඇඳුම් පැළඳුම් මිලට ගන්න නැත්නම් තෑගි ලැබෙන්න ඉඩ තියෙනවා. නිවාස දේපළ දියුණුවට කරන දේවල් සාර්ථක වෙයි. දේපළ ලාභ වාහන ලාභ පෙන්වනවා.

කටක

කටක ලග්නය ඔබේ ලග්නය නම් තුන්වැන්නට මාරුවන මේ ග්‍රහයන් බොහෝ දුරට සුබපල ඇති කරනවා. ඔබ ලේඛන කටයුතු සන්නිවේදනය වගේ අංශවල රැුකියාවක් කරනවා නම් සුබදායකයි. පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කරනවා නම් ටිකක් දුර දිග බලා කටයුතු කරන්න. ඒ වගේම සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබෙයි. අහල පහල අයත් එක්ක සතුටින් කාලය ගත වෙයි. ගෙදරට අලංකාර බඩු ලැබෙන බවක් පේනවා. උත්සාහය උනන්දුව ඉහළ යයි. හිතේ සතුට ප්‍රීතිය ඇතිවෙන අතරේ ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙයි. සාකච්ඡුාවෙන් ප්‍රශ්න විසඳ ගන්න හැකියාව ලැබෙයි.

සිංහ

ඔබේ ලග්නයේ ධනස්ථානයට සිදුවන මේ ග්‍රහ මාරුව ආදායම්වල සතුටුදායක බවක් පේනවා. ගෙදර දියුණුවට කරන දේවල් සාර්ථක වෙයි. ධනලාභ ලැබෙනව වගේම සමාජයෙන් කීර්ති ප්‍රශංසා ලැබෙන කාලයක් බවත් පේනවා. ඔබේ තනතුරේ නැත්නම් තත්වයේ උසස්වීමක් ලැබෙන්න ඉඩ තියනවා. අවිවාහක අයට මංගල යෝග යෙදෙනවා. මංගල යෝජනා පෙම් සම්බන්ධතා ස්ථිර කරගන්න අවස්ථා උදාවෙයි. පෙම්වතුන්ට සුබදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. රැුකියා ව්‍යාපාර අංශවල දියුණුවට මග සැලසෙන කාලයක්.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ට ලග්නභාවයට බුධ සිකුරු මාරුව සිදුවෙනවා. අනාගතය ගැන වෙනදාට වඩා හිත යොමුවෙයි. ගෘහ ජීවිතය මිශ‍්‍රපලදායකයි. මේ දිනවල ඔබ පොරොන්දු ගිවිසුම් වලට අත්සන් කරනව නම් දුරදිග බලා කරන්න. අධ්‍යාපන කටයුතුවලට නම් සුබදායකයි. මේ අතරෙ මිතුරු මිතුරියන් එක්ක සතුටින් කාලය ගත කරන්න අවස්ථා උදාවෙයි. අළුත් යහළුවන් හඳුනාගන්න ලැබෙයි. ආගම දහමට හිත යොමුවෙයි. සමාජ සේවාවකට නැත්නම් පිංකමකට සහභාගී වෙයි. බිරිඳ නැත්නම් සැමියාටත් මේ කාලය සුබයි.

තුලා

තුලා ලග්නය ඔබේ ලග්නය නම් බුධ සමග සිකුරු මාරුව සිදුවන්නේ ඔබේ ලග්නයේ දොළොස්වැන්නටයි. ඔබ විදේශ ගමනක් නැත්නම් විදේශ අධ්‍යාපනයක් ලබන්න බලාපොරොත්තුවෙන් හිටිය නම් අන්න ඒකට සුදුසු අය හමුවෙන්නත් අවශ්‍ය පහසුකම් ලැබෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම ජ්‍යොතිෂය යන්ත්‍ර මන්ත්‍ර වගේ ගුප්ත විද්‍යාවන් උදව් ලබා ගන්නත් පුළුවන්. මේ අතරෙ කතාව නිසා යම් යම් අය අමනාප වෙන්නත් පාඩු සිදුවෙන්නත් ඉඩ තියෙනවා. මේ නිසා දුරදිග බලා කතා කරන්න. ස්නායුගත රෝග, ඇස් රෝග වලින් ප්‍රවේශම් වන්න. උනන්දුව අඩු නොකර උත්සාහයෙන් කටයුතු කරන්න. බාධා ජයගන්න අමාරු නෑ.

වෘශ්චික

ඔබේ ලග්නය වෘශ්චික නම් ලග්නයෙන් එකොළහට මාරුවන බුධ සහ සිකුරු ඔබට සුබපල උදාකරනවා. පසුගිය දවස්වල තිබුණු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි. හිත මිතුරන් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙයි. ආදායම් තත්වය ඉහළ යයි. ව්‍යාපාර වලින් ලාභ ලැබෙයි. අලූත් ව්‍යාපාර ආරම්භ කරන්නත් සුදුසු කාලයකි. රැකියා ව්‍යාපාරවලට උසස් අයගේ උදව් උපහාර ලැබෙයි. සහෝදරයකුටත් සුබදායකයි. ඔබ තවමත් අවිවාහක නම් විවාහ යෝජනා, පෙම් සබඳතා ස්ථිර කර ගන්න පුළුවන් වෙයි. රැුකියා ලාභ උසස් වීම් වගේ දේවල් වලටත් ඉඩ තියනවා. සැලසුම් කර වැඩ කළොත් ජයග්‍රහන ගොඩක් ලැබෙන කාලයක් බව පේනවා.

ධනු

ඔබේ ලග්නය ධනු නම් මේ ග්‍රහමාරුව මිශ‍්‍රපලදායක බවක් පෙන්වනවා. දහවැන්නට බුධ මාරුවීම ශුභපල දායකයි. පසුගිය කාලෙ අසනීපයක් තිබුණ නම් ඒක සුවපත් වෙන්නත් ශරීර සෞඛ්‍ය තත්වය පහපත් වෙන්නත් හේතුවෙනවා. රැකියා ව්‍යාපාර කරන ස්ථානවල උසස් අයගේ උදව් උපකාර ලැබෙයි. රැුකියාවලට ඉල්ලූම් පත‍්‍ර ඉදිරිපත් කරන්නට සුබපලදායකයි. ඔබට තියන ග්‍රහ අපල වගේ දේවල්වලට ග්‍රහ ශාන්ති කර්ම කරගැනීමට ගුප්තවිද්‍යා කටයුතු වලින් සහනයක් ලබා ගන්නත් සුබ කාලයක්. ඒ වුණත් විනෝදාංශවලට වුවමනාවට වඩා යොමු වුණොත් අධ්‍යාපනයට පාඩු සිදුවෙයි. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් වන්න.

මකර

මකර ලග්න හිමියන්ටත් මේ ග්‍රහ මාරුව මිශ‍්‍රපලදායක බවක් පෙන්වනවා. ඔබ විදේශ ගත අධ්‍යාපනයක් ලබන්න එහෙම බලාපොරොත්තු තියාගෙන හිටියනම් ඒක සාර්ථක කරගන්න අවස්ථා උදාවෙයි. ආගම දහමට හිත යොමුවෙයි. උසස් අධ්‍යාපනය සාර්ථක වෙයි. ඒ වුණත් ශරීර සෞඛ්‍ය ගැන නම් නිතරම සැලකිලිමත් වන්න ඕනෑ. අනික වියදම් පාලනය කරගන්නත් ඕනෑ. සිකුරු මාරුව නම් ඉතා ශුභයි. ආදායම් සතුටුදායක තත්වයකින් වැඩිවේවි. අවිවාහක අයට නම් මංගල යෝග උදාවීම පෙම් සබඳතා ස්ථිර වීම, හවුල් ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබීම පෙන්වනවා.

කුම්භ

ඔබේ ලග්නය කුම්භ නම් බුධ අටවැන්නට මාරුවීම නිසා හදිසි ධනලාභ ලැබේවි. ලොතරැයි ජයක් වගේ වෙන්නත් පුළුවන්. දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගන්න පුළුවන් වෙයි. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා රැකියා හෝ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ගෙදරට අළුත් බඩුමුට්ටු සපයන තත්වයක් උදාවෙයි. මංගල යෝජනා ස්ථිර කරගන්න පුළුවන්. බුධ සමඟ සිකුරු අටවැන්නේ ගමන් කරන කාලය ශුභ කාලයක් බව පොත පතේ සඳහන් වෙනවා. කොහොමත් ඔබ ස්නායුගත රෝගයකින් පෙළෙනවා නම් ප්‍රවේශම් වන්න.

මීන

මීන ලග්නය ඔබේ ලග්නය නම් බුධ සමඟ සිකුරු ඔබේ ලග්නය හත්වැන්නට මාරුවෙනවා. මිශ‍්‍රපලදායක තත්වයක් ඇති වෙනවා. අඹු සැමි සබඳතාවලදී ඉවසීමෙන් කටයුතු කරන්න. බිරිඳ නැත්නම් සැමියා අමනාප වෙන්න ඉඩ තියෙනවා. ඔබ තවමත් විවාහ වෙලා නැත්නම් මංගල යෝජනා වගේ දේවල්වලට තරමක බාධා ඇති කරගන්න නම් එපා. විවාද නිසා අමනාපකම් ඇති වෙයි. විවාදයෙන් ජය ගන්න නම් විවාද කරන්න එපා කියලා ප්‍රසිද්ධ කතාවක් තියනවා. කොහොම වුණත් ගුරු බලවත්ව ගමන් කරන නිසා ඔබට ආගමික පිහිට ලැබෙනවා.

කලාභූෂණ – කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *