බන්ධනාගාරය විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙක් යටතට

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ධුරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු පත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරණවා.

එකී පත්කිරීම ඉදිරි සතිය තුළදී බොහෝදුරට සිදු කිරීමට නියමිතයි.

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයෙහි නිරතව සිටින ජේ‍යෂ්ඨ නිලධාරියකු හෝ ආරක්ෂක කටයුතු සම්බන්ධ දැනුමක් ඇති වෙනත් පුද්ගලයකු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයට පත් කරන ලෙස එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් රජයෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව එම පත් කිරීම සිදුකිරීමට නියමිතව ඇති බවද අනාවරණය වනවා.

ඉකුත් රජයේ පත් කිරීමකට අනුව මේ වනවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය හා පරිපාලන කොමසාරිස් ධුරය දරන්නේ සිවිල් පරිපාලන සේවයේ උසස් නිලධාරීන් දෙදෙනෙකි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.