පාසල් සිසුවියක්ව දූෂණය කරලා..ලේ වහනයෙන් දැරිය මරු දකී

බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කළ සිසුවියක බලන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය යාමේ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා මේ මස 10දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් දිසානායක මහතා නියෝග කළා.

හිටුවල පුඩුකාඩුව ප්‍රදේශයේ පදිංවී ගයාන් මධුශංඛ (24) නමැත්තෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළා.

බලන්ගොඩ, වලේබොඩ ලිපිනය පදිචි බී.ඒ. හිමංසා දෙව්මිණි දයාරත්න (17) නමැති පාසල් සිසුවිය මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්ව උසස් පෙළ හැදෑරීමට සූදානම්ව සිටි ඇය පසුගිය 05දා සිය මවුපියන්ට දන්වා බලන්ගොඩ නගරයට පැමිණ ඇත්තේ නගරයේ පාසලකට ඇතුළත් වීමට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ උපකරණ රැගෙන යාමටයි.

එහෙත් අඳුර වැටෙන තුරුත් ඇය නිවසට නොපැමිණීම නිසා මවුපියන් ඇතුළු පිරිස ඇය පිළිබඳ විපරම් කර තිබෙනවා. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ හිටුවල පුඩුකාඩුව ප්‍රදේශයේ තරුණයෙකු විසින් ඇය පැහැරගෙන ගොස් නිවසේ රඳවාගෙන සිටින බවයි. අනතුරුව එම තරුණයාගේ නිවස වෙත ගොස් සිසුවියගේ මවුපියන්ගෙන් විමසුවත් නිවසේ සිටි වැඩිහිටියන් පවසා තිබුණේ නිවසේ තරුණියක් නොමැති බවයි.

පසුව සිසුවියගේ වැඩිහිටියන් නිවස පරික්ෂා කිරීමේදී එහි කාමරයක ඇඳක් මත සිසුවිය සිහිසුන්ව සිටිනු දැකීමෙන් පසු ඇයත් සැකකාර තරුණයාත් රැගන පින්නවල පොලීසියට පැමිණ තිබෙනවා.

අනතුරුව අධික රුධිර වහනය වෙමින් සිහිසුන්ව සිටි සිසුවියව පොලීසියේ උපදෙස් අනුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *