කොළඹ රාජකීය විදුහලේ වෙනම රාජ්‍යයක් ! – ස්වාමීන් වහන්සේ නමකට කළ දේ පොලිසියේ දී හෙළිවේ

කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලද ස්වාමීන් වහන්සේ නමකට එම පාසලේ විදුහල්පතිවරයා වැඩ භාර නොදීමේ පුවතක් වාර්තාවනවා.

මේ හේතුවෙන් තමන් අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කළද නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක්ද ගොනු කළ බවයි පූජ්‍ය අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියන් ප්‍රකාශ කළේ.

උන්වහන්සේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලියට අදාළව කොළඹ රාජකීය විද්‍යාලයේ වැඩ භාරගැනීම සඳහා පසුගිය 11 වනදා පැමිණ තිබෙනවා.

එහිදී විදුහල්පතිවරයා විසින් වැඩ භාරදීම සිදුකර නොමැති හෙයින් ස්වාමීන් වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගොස් ඇති අතර, එම අමාත්‍යාංශයෙන් දැනුම්දී ඇත්තේ පාසලට ගොස් යළි වැඩ භාරගන්නා ලෙසටයි.

ඒ අනුව පසුගිය 12 වන දිනද උන්වහන්සේ වැඩ භාරගැනීම සඳහා රාජකීය විද්‍යාලයට ගොස් ඇති අතර, එහිදීද විදුහල්පතිවරයා විසින් වැඩ භාරගැනීමට ඉඩ ලබාදී නැහැ.

පසුව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත්තේ ස්ථාන මාරුවීම් ලද සියලු ගුරුවරුන්ට විදුහල්පතිවරුන් විසින් වැඩ භාරදිය යුතු බවටයි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවද දින තුනක් මෙම ස්වාමීන් වහන්සේ වැඩභාරගැනීම සඳහා කොළඹ රාජකීය පාසලට ගොස් ඇති අතර, සෑම අවස්ථාවකදීම වැඩ භාරගැනීමට අවස්ථාව ලබා දී නොමැති අතර, පාසල තුළ ගුරු හිඟයක් නොමැති බවට විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුවයි ස්වාමීන් වහන්සේ කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *