හත් හැවිරිදි පුතෙක් පරෙයියන් ඇල්ලේ ගිලේ

මොණරාගල බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ තම පවුලේ සාමාජිකයන් සමග අවුරුදු 7ක් වයසැති මෙම දරුවා දිය නෑමට ගොස් ඇති අතර එහිදී ජල පිරුණු වලකට ඇද වැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දියට වැටුනු දරුවා කඩිනමින් රෝහල් ගතකර ඇති අතර ඒ වන විටත් ඔහු මරණයට පත්ව තිබූ බව සඳහන්.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය පිළිබඳ බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *