මහනුවර රෝහලේ කොරිඩෝවේත් ‘මළමිනී’ ගොඩ ගැහෙන්න පුළුවන් – විශේෂඥ වෛද්‍යවරයෙක් අනතුරු අඟවයි

කොරෝනා වෛරසය නිසිලෙස පාලනය නොකළහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මළමිනී ගොඩගැහෙන ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ශ්‍රද්ධා හේමප්‍රිය මහතා අනතුරු අඟවනවා.

පුද්ගලයින් 100 දෙනකුට පමණ වෛරසය ආසාදනය වුවහොත් ඉන් 15 දෙනෙකුට පමණක් අසාධ්‍ය විය හැකි බවත් ඉන් 03 දෙනෙකු මරණයට පත්වීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙම වෛරසය වේගයෙන් පැතිර යමින් තිබෙන නිසා එම තත්ත්වය වළක්වා ගත නොගතහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මල මිනී ගොඩගැසීම සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති රැස්වීමේදීයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *