නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රෙගු භාරයට

නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් නවකෝටි අට ලක්ෂ 16,000 ක් පමණ වටිනා දුම්වැටි අඩංගු බහාලුමක් ග්‍රැන්ඩ්පාස් රේගු අංගනයේ තිබී අද සොයා ගැනුනා.

අදාළ බහාලුම රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය ඉදිරියේ විවෘත කෙරුණු අතර, අදාළ දුම්වැටි තොගය චීනයේ නිෂ්පාදිත ඒවා බවට හඳුනා ගෙන තිබෙනවා.

යකඩ බට තුළ සැඟවූ දුම්වැටි කාට්න් 7568 ක් පමණ මෙහි අඩංගු බව සඳහන්.

අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වු පුද්ගලයා සහ එම ආයතනයේ වාප්පු ලිපිකරු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *