සිසුවියක් ලේ තැවරුණු පාසල් නිල ඇඳුම පිටින් බේරුවල පොලිසියට

බේරුවල කාලවිල කන්ද ප්‍රදේශයේ දාහත් හැවිරිදි සිසුවියකට පාසල් යාමට ඇඳුම ලා සිටියදී සුළු සිදුවීමකට උරණවී තම පියා සහ මව පහර දුන් බව කියමින් එම සිසුවිය රුධිරය තැවරුණු පාසල් නිල ඇඳුම පිටින් බේරුවල පොලිසියට පැමිණ පැමිණිලි කර තිබෙන බව පොලිසිය කියයි .

මෙලෙස පහර කෑමට ලක් වී ඇති සිසුවිය බේරුවල පොලිස් වසමේ කනිටු විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවියක් බවකියයි .

තම පියා සිවිල් ආරක්ෂක උප නියාමක වරයෙකු බවත් මව රැකියාවක් නොකරන අයෙකු වන අතර පහරකෑමෙන් ඇයගේ ඇඟිල්ලක් තුවාල සිදුවී ඇතැයි ද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .

එම සිසුවිය පොලිසියට පැමිණෙන විට උදෑසන ආහාරගෙන නො තිබූ බැවින් පොලිස් නිලධාරින් ඇයට ආහාර පානපානවලින් ද සංග්‍රහ කර පැමිණිල්ල සටහන් කරවැඩිදුර විමර්ශන සිදුකරන බව කිහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *