කොවිඩ් වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් -V එන්නත සියයට 95ක් ඵලදායි බව තහවුරු වී ඇතැයි රුසියාව නිවේදනය කළා.
පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42 කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව සඳහන්.
සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට පන්කෝටි අනූහය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව දාහතර ලක්ෂයකට අධිකයි.