පුරාවස්තු රකින්න කාර්ය සාධක බලකායක්

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පුරාවස්තු විනාශය පිළිබඳ විවිධ පාර්ශවයන් ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින් ඓතිහාසික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් ඒවා ආරක්ෂා කරගැනීමේ පුළුල් වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් කි‍්‍රයාවට නංවන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

සෑම මසකම තුන්වන සිකුරාදා රැස් වන බෞද්ධ උපදේශක සභාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යයාලයේදී රැස්වූ අවස්ථාවේ ජනා‎ධිපතිවරයා මේ බව කියා සිටියා.

බුදු දහමට සහ ති‍්‍රපිටකයට පටහැනි ඇතැම් භික්ෂු කි‍්‍රයාකරම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳ මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේදී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බවයි ජනා‎ධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්නා.

පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය අතිවිශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, පවතින තත්ත්වය පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *